UPDATE: නාමල් මරියානා ආගාධයට ගිය හැටි

Thursday, 17 March 2016 - 11:17

UPDATE%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B6%9C%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද පෙරවරුවේ පැමිණියා.

ඒ, ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිස් සමාගම කොළඹ නගර මධ්‍යයේ ඉදි කිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයේ මූලික අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් ගැන ප්‍රකාශයක් ගැනීම සඳහායි.

 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තුළට යාමට පෙර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ ‘‘අද බලමු ඉතින්, ආයෙත් එළියට දැම්මොත් තමයි. මේක ඉතින් හරියට මරියානා ආගාධය වගේනේ. යනවා විතරයි එන්නේ නෑ ලේසියෙන් එලියට.’’