පාසල් ළමයින්ට කවන්න හැදූ කෝටියක බාබුල් දැලේ

Thursday, 17 March 2016 - 12:23

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
පාසල් ළමයින්ට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව පැවසෙන මත්ද්‍රව්‍ය අඩංගු බාබුල් තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී සෞඛ්‍ය කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයින, ඉන්දියාව, පාකිස්ථානය සහ කුවේට් රටවලින් මෙම බාබුල් ආනයනය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි වැටලීම් සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති බාබුල් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට පෙරද ආනයනය කරන ලද බාබුල් පාසල් අසල වෙළඳසැල්වල විකිණීමට තබා තිබියදී සොයාගෙන තිබුණා.