ෆොන්සේකාගෙන් පැහැදිළි කිරීමක්

Thursday, 17 March 2016 - 12:55

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වත්මන් රජයට ඇති එකම අභියෝගය වී ඇත්තේ පසුගිය රජයේ අයහපත් ආර්ථික ක්‍රියා පිළිවෙතට විසඳුම් ලබාදීම බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටිියේ මුදලට ඇති ආශාව නිසා පසුගිය රජයේ ඇතැම් පිරිස් නැවත ප්‍රතිසංවිධානය වීමට අසාර්ථක උත්සාහයක නිරතවෙමින් සිටින බවයි.

එහිදී මාධ්‍යවේදීන් කල විමසීම්වලට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ යුද්දය පැවති සමයේදී කොළඹ බුද්ධි අංශ සමාලෝචනය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.