රවිරාජ් ඝාතනය මහාධිකරණයට

Thursday, 17 March 2016 - 13:14

%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළ නඩුව  මහාධිකරණය වෙත යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළා.

විනිසුරුවරයා කියා සිටියේ මෙම ඝාතන නඩුවේ චූදිතයන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවයි.

ඒ අනුව ලඝු නොවන නඩු කටයුතු අවසන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව මහාධිකරණය වෙත යොමු කරන ලෙසයි නියෝග කළේ.

2006 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුලූ චෝදනා 4 ක් යටතේ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔවුන්ගෙන් තුන්දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, තවත් අයෙකු ඇප මත මුදාහැර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් විත්තිකරුවන් තුන්දෙනෙකු නොමැතිවයි මෙම නඩුව විභාගයට ගැනෙන්නේ.