පිළිස්සුම් තුවාල ලබා සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු මරුට

Thursday, 17 March 2016 - 13:23

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+16+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බදුල්ල - ඇල්ල - බල්ලකෙටුව - නාවෙලගම ප්‍රදේශයේ නිවසක පසුගිය 15 වනදා ඇතිවූ ගින්නකින් බරපතල පිළිස්සුම් තුවාල ලබා  රෝහල් ගතකළ 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.

රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පිළිස්සුම් තුවාල ලැබූ ඔහුගේ පියාද බරපතල තත්ත්වයේ පසුවන බවයි.

නිවසේ කාමරයක පමණක් හටගත් මෙය ගිනි තැබීමක්ද, නැතහොත් ගිනි ගැනීමක්ද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

ව්‍යාපාරිකයෙකු වන පියා සමඟ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී පසුගිය 15 වනදා අලූයම් කාලයේ නිවසට පැමිණ ඇති අතර අනතුරුවයි මෙලෙස නිවසට ගිනි ඇවිලී ඇත්තේ.

මෙම නිවසෙහි පදිංචිව සිටින්නේ පියා සහ පුතා පමණක් බව ද පොලීසිය සදහන් කළා.