සෝභිත හිමියන් ඝාතනය කල බවට හෙළිදරව්වක්

Thursday, 17 March 2016 - 13:59

%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඇපමත මුදාහැර සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමය විහාර දේවාලගම් පනත යටතේ ලියාපදිංචි කර නොමැති බව අධිකරණයේදී අද (17) අනාවරණය වුණා.

මේ නිසා අදාළ විහාරස්ථානයේ නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම ගත නොහැකි බවයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා රහස් පොලිසියට දැනුම් දී ඇත්තේ.

රහස් පොලිසිය මේ පිළිබඳ වාර්තාවක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් රහස් පොලිසියට දැනුම් දුන්නේ මෙම සිද්ධිය පොදු දේපල පනතට ගැනෙන බැවින් වැඩිදුර නඩු කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබාගන්නා ලෙසයි.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළග තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් 9 වනදා අත්අඩංගුවට ගත් අතර, පසුව ඇපමත මුදාහැරියා.

මෙම නඩුව අප්‍රේල් මස 28 වනදා යළි කැඳවනු ඇති.

මේ අතර  පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ නඩු විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.