FCID යට ගිය නාමල්ට ලයිට් ප්‍රශ්නයක්

Thursday, 17 March 2016 - 15:24

FCID+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද (17) පැය 03 කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.

ඒ, ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිස් සමාගම කොළඹ නගර මධ්‍යයේ ඉදි කිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයේ මූලික අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳවයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශය ලබාදී නැවත ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තුළ දහවල් කාලයේ විදුලි බල්බ දල්වා තිබීම දැක තමන් විමතියට පත් වූ බවයි.

කෙසේ වෙතත්, රටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු අවස්ථාවක එම විදුලි බල්බ නිවා දමන ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියා.