ධම්මික රණතුංගට නොතීසි

Thursday, 17 March 2016 - 15:41

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
කොළඹ මහාධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට අද (17) නොතිසී නිකුත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකළ අතර, ඒ අනුව වරාය අධිකාරියේ සභාපතිවරයාට අද කෙසෙල්වත්ත පොලිසියට ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, ඔහුගේ නොපැමිණීම හේතුවෙන් පොලිසියට අධිකරණයට ඒ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ ලබන 24 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.