හිටපු ජනපති මුෂාරෆ් පාකිස්ථානයෙන් නික්මෙයි

Friday, 18 March 2016 - 8:32

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ ගමන් වළක්වාලමින් පනවා තිබූ වසර 3 ක තහනම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කිරීමත් සමග පාකිස්ථානයේ හිටපු හමුදා නායක පර්වේස් මුෂාරෆ් අද (18) අලූයම සිය රටින් නික්මුණා.

කරච්චි ගුවන්තොටුපල බලධාරින් මුෂාරෆ්ගේ නික්මයාම සනාථ කළ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කරච්චියේ සිට ඩුබායි බලා පාකිස්ථාන වෙලාවෙන් උදෑසන 3 යි 55 ට ඔහු නික්ම ගොස් ඇති අතර ගුවන් යානයට ගොඩවූ අවසන් පුද්ගලයා හිටපු ජනාධිපති මුෂාරෆ් බවයි ගුවන්තොටුපල බලධාරින් සදහන් කළේ.

පාකිස්ථානයේ හිටපු ජනාධිපති මුෂාරෆ්ට එරෙහිව රාජ්‍ය විරෝධී චෝදනා මෙන්ම, හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝගේ ඝාතනයට අදාළව ද චෝදනා එල්ල වී තිබෙනවා.

එහෙත් හිටපු ජනාධිපතිවරයාට පිටකොන්දේ ආබාධයකට හදිසි ප්‍රතිකාර ලැබිය යුතු බවත් ඒ සදහා පහසුකම් පාකිස්ථානයේ නොමැති බවත් මුෂාරෆ්ගේ නීතීඥයන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුවයි පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රටින් නික්මීමට අවසර ලබාදුන්නේ.