දහඩිය දමන උණුසුම සිංහල අවුරුද්ද පසුවන තුරු

Friday, 18 March 2016 - 12:28

%E0%B6%AF%E0%B7%84%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
සුළං රටාවේ වෙනස්කම් සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මේ දිනවල දිවයිනේ උෂ්ණත්වය අංශක 2 කින් පමණ ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය සදහන් කළේ කියා සිටියේ දැනට පවතින දහදිය දමන උණුසුම් කාලගුණය ලබන අප්‍රේල් මස මැද භාගය වනතුරුම පවතිනු ඇති බවයි.

සුළං රටාවේ වෙනස්කම් හේතුවෙන් ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ සාමාන්‍යයෙන් පවතින ශීතල කාලගුණ තත්ත්වය ද නොපැවති බවයි ඇය සදහන් කළේ.