පුත්තලමේ ගුරුවරුන් අද ලෙඩ වේ

Friday, 18 March 2016 - 12:36

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%9A
පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්.තාහීර් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට බැන තර්ජනය කිරීමට විරෝධය දක්වමිනුයි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙලෙස ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ.

මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් සියලූම පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙනවා.

පළාත් සභා මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය සමස්ත ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ උද්ඝෝෂණයක්ද සංවිධාන කර තිබුණා.

ඉන් පසුව පළාත් සභා මන්ත්‍රීවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර දෙකක ඇපමත මුදා හරිනු ලැබුවා.