ශ්‍රී ලංකාව සමබර ආර්ථික සංවර්ධන ගමන් මගක

Friday, 18 March 2016 - 12:40

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%B6%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A
තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සදහා ශ්‍රී ලංකාව නිසි මාවතට අවතීර්ණවී සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ජගත් සංවිධානය මගින් 2015 වසරේදී සාමාජික රටවල් වෙත ඉදිරිපත් කළ සැලැස්ම ඉදිරි 15 වසර සදහා ලොව ආර්ථික ගමන් මග සදහා පූර්වාදර්ශයයි.

එහිදී ශ්‍රී ලංකාවට මෙතෙක් ආ ගමන් මග දෙස නැවත හැරී බැලීමට අවස්ථාවක් උදාවී ඇති බවයි 6 වන ආසියානු සංවර්ධන සමුළුව කොළඹදී අමතමින් අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ.

 ‘‘ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන නායකත්වය සමස්තයක් ලෙස සමබර ආර්ථික සංවර්ධනයක් කරා යොමුවී සිටිනවා. එය හුදෙක් වරාය, ගුවන්තොටුපල සහ මහාමාර්ග ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් නොවේ. ජගත් සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා අප රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ සංවර්ධන ක්‍රියාමාර්ග යළි ඇගයීමකට ලක් කිරීම අවශ්‍යතාවක්. ගෝලීය ඉලක්කයන් දේශීය සන්දර්භය තුළ ක්‍රියාත්මක කිරීමේදී ගැටලූ ඇතිවීම සාමාන්‍ය සිද්ධියක්. එහෙත් එම අභියෝග ජය ගැනීමේ හැකියාවක් සහ කුසලතාවන් ශ්‍රී ලංකාව සතු වනවා. වසර 2030 වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස ඉදිරියට පැමිණීම අප රජයේ සැලසුමයි. දුප්පත්කම තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම, බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම මෙන්ම ඇති නැති පරතරය අවම කිරීමට එහිදී පියවර ගැනෙනවා.’’

තිරසාර සංවර්ධන ඉලක්ක සහ අරමුණු සපුරාලීම ආසියාකරයට අතිශයෙන් වැදගත් වන අතර, ශ්‍රී ලංකාව එහිදී වඩාත් විවෘත සහ තරගකාරි දකුණු ආසියාතික රට බවට පත්වීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ.

හයවැනි ආසියානු සංවර්ධන සමුළුව මුදල් අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා.

මෙම සමුළුවට ආසියානු ණය දෙන ආයතන සහ තානාපති කාර්යාල නියෝජිතයන් මෙන්ම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද එක්ව සිටියා.

ජපානය හා දකුණු කොරියාව යන රටවල යෝජනාවක් අනුව ආසියානු සංවර්ධන සමුළුව ආරම්භ වූයේ 2010 වසරේදීයි.