රටම එලිය කරන්න බියගමට අලුත් ට්‍රාන්ස්පෝමරයක්

Friday, 18 March 2016 - 12:47

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රටපුරා විදුලිය විසන්ධි කරමින් පුපුරා ගිය බියගම ට්‍රාන්ස්පෝමරය වෙනුවට එම ස්ථානයේ නව ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

හෙට (19)දිනය වනවිට එම සවි කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල කියා සිටියේ.

මේ අතර, අක්‍රිය වූ නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වන අදියර ද මේ වනවිට ද සක්‍රිය වෙමින් පවතින බව වාර්තා වනවා.

අද පස්වරුව වනවිට මෙගවොට් 900 ක සමස්ත විදුලි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක්කළ හැකිවනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ.

මේ අතර, නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි සක්‍රිය වීමත් සමග පසුගිය දිනවල සිදුකරන ලද විදුලි කප්පාදුව නවතන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

 බියගම ට්‍රාන්ස්පෝමරය පුපුරායාමෙන් පසු විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ මෙරට විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පවතින ඇතැම් රැහැන් පද්ධති සහ විදුලි ට්‍රාන්ස්පෝමර අලූත්වැඩියා කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ හදිසි විදුලි බිඳ වැටීම් සදහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් සහිත නව මෙහෙයුම් පද්ධතියක් මේ වසර අවසානයට පෙර ස්ථාපිත කරන බවයි.


මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More