රාජිත නිවාඩු ගනී

Friday, 18 March 2016 - 12:58

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සිංගප්පූරුවේදී සාර්ථක බයිපාස් සැත්කමකට ලක් කෙරුණු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (17) රාත්‍රීයේ නැවතත් දිවයිනට පැමිණියා.

අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.309 දරණ සාමාන්‍ය ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 9.30ට කටුනායක ගුවන්තොටුපලට ළගා වූ බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

වෛද්‍ය ප්‍රතිකාර සදහා අමාත්‍ය රාජිත සේනාරත්න සිංගප්පූරුව බලා නික්මුණේ පසුගිය පෙබරවාරි 20 වනදායි.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී ඔහුට සාර්ථක ශල්‍යකර්මයක් සිදුකරනු ලැබුවා.

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉන්පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව නැවතත් පරීක්ෂාවකට ලක් වී තිබෙනවා.

සතියක පමණ කාලයක් විවේකීව සිටීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇති බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.