ලාංකිකයන් දැන් වඩාත් සතුටින් සිටින බව හෙළි වෙයි

Friday, 18 March 2016 - 14:59

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව වඩාත්ම සතුටින් පිරුණු රටවල් ඇතුළත් ගෝලීය දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15 ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අනුව, 2016 වසර සදහා නිකුත් කළ එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 117 වැනි ස්ථානයයි.

ඉන්දියාවට එහිදී 118 වන ස්ථානය හිමිවී ඇති අතර, ලොව සතුටින් සිටින ජනතාවක් සහිත රට ලෙස ප්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටින්නේ ඩෙන්මාර්කයයි.

අයිස්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නවසීලන්තය,  ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය එම දර්ශකයේ ඊළග ස්ථාන හිමිකරගෙන සිටිනවා.

දර්ශකයේ පහළම කෙළවර සිටින්නේ සන්තෘෂ්ඨිය අඩුම ජනතාවක් වෙසෙන අප්‍රිකානු - බුරුන්ඩි රාජ්‍යයයි.

ඇමරිකා එක්සත් ජනපදයට එහිදී 13 වන ස්ථානයත්, බ්‍රසීලයට 17 වන ස්ථානයත් හිමිව තිබෙනවා.