ඉන්දියාවට පාකිස්ථානයෙන් පරීක්ෂණ කණ්ඩායමක්

Friday, 18 March 2016 - 15:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ - පතන්කෝට් ගුවන් කඳවුරට පසුගිය ජනවාරියේ එල්ල වූ ප්‍රහාරය ගැන සොයා බැලීම සදහා පාකිස්ථාන පරීක්ෂණ කණ්ඩායමක් ලබන 27 වනදා ඉන්දියාවට පැමිණෙනවා.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සහ පාකිස්ථාන විදේශ කටයුතු උපදේශක සර්ටාජ් අසීස් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුනු බව විදෙස් වාර්තා සදහන් කළා.

ඉන්දු - පාකිස්ථාන නියෝජිතයන් මෙලෙස ඊයේ සාකච්ඡාවට එක්වූයේ නේපාලයේ - පොකාරාහි පැවැත්වෙන සාර්ක් අමාත්‍ය සමුළුවට සමගාමීවයි.

ඉන්දීය ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් සෙබලූන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දියාව චෝදනා කළේ පාකිස්ථානය කේන්ද්‍ර කොට ගත් ත්‍රස්ත කණ්ඩායම්වලටයි.