පිල්ලෙයාන්ගේ ඇප අයදුම ප්‍රතික්ෂේප වෙයි

Friday, 18 March 2016 - 15:08

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් මඩකලපුව මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

පෙත්සම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ලබන මස 1 වන දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

2005 වසරේදී මරියාල් දේවාලයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශෆ් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 9 වැනිදායි.