තවත් ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනී (ඡායාරූප)

Friday, 18 March 2016 - 15:19

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%86%E0%B7%9D%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මිනුවන්ගොඩ - කොටුගොඩ -  ඕපාත ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උප පොලේ ට්‍රාන්ස්ෆෝමරයක් අද හදිසියේ පුපුරා ගිනි ගැනීමට ලක්වුණා.

මෙම ට්‍රාන්ස්ෆෝමරය දිවයින පුරා විදුලිය විසන්ධි කරමින් පසුගිය දා බියගම උප පොලේ පුපුරා ගිය විදුලි ට්‍රාන්ස්ෆෝමරයට සමාන එකක්.

විදුලිබල මණ්ඩල සේවකයන් සහ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කළා.

පිපිරීමත් සමඟ මීගමුව, කටුනායක, කැළණිය, රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටුණු බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අදියර 3ම ක්‍රියාත්මක කර විදුලි කප්පාදුවක් සිදුනොකරන බවට විදුලිබල අමාත්‍යාංශය දැනුම් දුන් අවස්ථාවකයි අද මෙම සිද්ධිය වාර්තා වන්නේ.

මෙම පිපිරීම සිදුවූ කොටුගොඩ  උප පොළ නොරොච්චෝලේ බලාගාරයෙන් ලැබෙන විදුලිය ජාතික පද්ධතියට බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානයක්.

පිපිරීමෙන් පසු විදුලිබල අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් කොටුගොඩ විදුලි උපපොළට පැමිණි අතර පසුව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී කියා සිටියේ  නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වන නිසා විදුලිය බිඳ වැටීමක් සිදුනොවන බවයි.