කාසල්රී රක්ෂිතයේ ගින්නක්-(ඡායාරූප)

Saturday, 19 March 2016 - 11:29

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කාසල්රී ජලාශ රක්ෂිතයේ දුපතක ඊයේ රාත්‍රියේ හටගත් හදිසි ගින්නකින් එම දුපතේ අක්කර 3ක පමණ කොටසක් විනාශ වී ඇති බව හිරු වාර්තාකරු පවසනවා.

ගින්න අද අලූයම් කාලය තෙක් පැවති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ. කිසියම් පිරිසක් මෙම ජලාශ රක්ෂිතයට ගිනි තැබුවේ ද යන්න පිළිබදව ද පොලීසියේ අවදානය යොමු වී තිබෙනවා.

මේ අතර, ඩෙවෝන් දිය ඇල්ල රක්ෂිතයේ හට ගත් ගින්නකින් ද එහි විශාල ප්‍රදේශයක් විනාශ වී ඇති බව සදහන්.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත මෙලෙස ගිනි ගැනීමේ අවදානමට ලක්වනවා.



ඡායාරූප-(රංජිත් රාජපක්‍ෂ)