ඒකාබද්ධ විපක්ෂය හතුරෝ නෙමෙයි

Saturday, 19 March 2016 - 12:32

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+%E0%B6%B1%E0%B7%99%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ හයිඞ් පාක් රැළියට සහභාගිවූ නිදහස් පක්ෂ නියෝජිතයින් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාවට පවරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභාව සමාන අන්දමේ තීරණයක් ගනු ඇති බවයි.

මේ අතර කුරුණෑගල - ගල්ගමුව ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සතුරන් නොවන බවයි.

කෙසේ වෙතත්, පසුගිය දා හයිඞ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට සහභාගිවූවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගැනීමට නියමිත තීන්දුව පිළිබඳ අප විමසීමක් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන්.

ඔහු කියා සිටියේ තම කණ්ඩායම අඛණ්ඩව මෙම සටන ක්‍රියාත්මක කරන බවයි.



සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More

කොරෝනා හේතුවෙන් අවදානමට ලක්වූ සංචාරක කර්මාන්තය (වීඩියෝ)
Monday, 03 August 2020 - 13:29

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍ර අතර ප්‍රධාන... Read More