නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්ව න්‍යාය පත්‍රයක් නැහැ

Saturday, 19 March 2016 - 12:36

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මෙරට මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන විමර්ශන වලදී හෝ ඒ සඳහා පිහිටුවිය හැකි අධිකරණ සඳහා විදේශීය විනිසුරුවන් යොදාගැනීමට තමාගේ කිසිදු එකඟත්වයක් නොමැති බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධාන කළ ජාතික නීති සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ විදේශ විනිසුරුවන් යොදාගැනීම සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා හෝ තමාගෙන් ඉල්ලීමක් සිදු නොකළ බවයි.

මෙවර ජාතික නීති සමුළුව සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකාවේ ඉදිරි මග යන තේමාව යටතේයි.

ඒ සඳහා මෙරට නීති ක්‍ෂේත්‍රයට 400 ට අධික පිරිසක් එක්ව සිටි අතර, දකුණු අප්‍රිකානු සත්‍ය කොමිසමේ නිර්මාතෘවරයා ඇතුලූ විදේශීය නියෝජිතයන්ද පැමිණ සිටියා.

මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ බලය බලය ව්‍යවස්ථාදායකය වෙත පැවරීමට සූදානම් ජනාධිපතිවරයෙකු දැන් අපට සිටින බවයි.

එමෙන්ම නව ව්‍යවස්ථාව සැකසීම පූර්ව න්‍යාය පත්‍රයක් අනුව සිදුනොවන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

‘‘ පාර්ලිමේන්තුව මගින් වැඩි යමක් කළ හැකි බව මගේ විශ්වාසයයි. ජාතික සංහිදියාව සහ ජාතික එකමුතුකම ඇති කිරීම සඳහා එමගින් කටයුතු කළ යුතුයි. නව ව්‍යවස්ථාව සැකසීම සඳහා දැන් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කර තිබෙනවා. එහිදී පූර්ව න්‍යායපත්‍රයක් අනුව අප කටයුතු කරන්නේ නැහැ. සියල්ල ඒකමතිකව සිදුකිරීමයි අපේ උත්සාහය වන්නේ. ජාතික සංහිදියාව ගොඩනැංවීමේදී දකුණු ආප්‍රිකානු සත්‍යය කොමිසමේ පූර්වාදර්ශය අපට වැදගත් වේවි. ’’