ජාතික පද්ධතිය නැවත අක්‍රිය නොවේ

Saturday, 19 March 2016 - 12:51

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
ජාතික පද්ධතියේ යම් කොටසකට සිදුවන හානියකදී සමස්ත විදුලි සැපයුම් පද්ධතිය බිද වැටීමෙන් වළක්වා ගැනීමට හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ දෙවන ට්‍රාන්ස්ෆෝමරය පිපිරීමෙන් අනතුරුව ඒ බව විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් සනාථ කළ බවයි.

මිනුවන්ගොඩ - කොටුගොඩ දී පිපිරී ගිය ට්‍රාන්ස්ෆෝමරය පසුගිය වසරේදී ජර්මානු ඉංජිනේරුවන් විසින් නඩත්තු කර සහතික කර තිබූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.