අඹන්පොලදී පොලිස් කැබ් රථයක් දුම්රියේ ගැටේ

Sunday, 20 March 2016 - 10:59

%E0%B6%85%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොල - බැලූම්ගල දුම්රිය හරස් මාර්ගයේදී අඹන්පොල පොලීසියට අයත් කැබ් රථයක් අද අලූයම දුම්රියක ගැටී තිබෙනවා.

අනතුරින් එහි සිටි පොලිස් ආරක්ෂක සහයක නිලධාරියෙකු තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යැවුණා.

යාපනය සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස ගැටී ඇත්තේ රාත්‍රී මුර සංචාරයේ යොදවා තිබූ කැබ් රථයක් බව පොලීසිය සඳහන් කළා.