රජය නොහැකියාව පෙන්වන හැටි මහින්ද කියයි

Sunday, 20 March 2016 - 11:46

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව සිය නොහැකියාව පසුගිය රජය සහ තමන් පිට පැටවීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කෑගල්ල කඩිගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

උත්සවයෙන් පසු එම ස්ථානයෙන් පිටව යන මොහොතේ විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන්  කරුණු විමසුවා.

ඔහු කියා සිටියේ ලේකම්වරු විවිධ ප්‍රකාශ කලද ජනාධිපතිවරයා තවමත් ඒ සම්න්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.