මධ්‍යධරනී මුහුදේදී සංක්‍රමණිකයන් 1500 ක් බේරා ගැනේ

Sunday, 20 March 2016 - 12:37

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB%E0%B6%B1%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1500+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
උතුරු අප්‍රිකාවේ සිට ඉතාලි බලා අනාරක්ෂිත මුහුදු ගමනක නිරතවූ සංක්‍රමණිකයන් 900 දෙනෙක් පමණ සිසිලි මුහුදු තීරයේදී ඉතාලි වෙරළාරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා.

ඊයේ දිනය තුළ සිදුකළ මෙහෙයුම් හතරකදී මෙම සංක්‍රමණිකයන් බේරාගත් බවයි ඉතාලි බලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අතර ලිබියානු වෙරළාසන්නයේදීද අනාරක්ෂිත බෝට්ටුවලින් යුරෝපය බලා යාමට තැත් කළ 600 කට වැඩි පිරිසක් ඊයේ දිනයේදී බේරාගනු ලැබුවා.

එහෙත් එක් බෝට්ටුවක් එහිදී මුහුදු බත් වී ඇති බවයි වාර්තාවන්නේ. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සිට පසුගිය වසර ආරම්භයේ සිට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 12 ලක්ෂයකට අධිකයි.

මේ හේතුවෙන් යුරෝපය අද දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම සංක්‍රමණික අර්බුදයට මුහුණදී තිබෙනවා.