මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට පහරදීමේ චෝදනාවක්

Sunday, 20 March 2016 - 12:51

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් වෙතින් පහරකෑ බව කියන  පුද්ගලයෙකු ඊයේ කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා.

නුගේගොඩ පදිංචි 33 හැවිරිදි රජීව් ගුණවර්ධන නැමැති මොහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර, ඒ අනුව පහරකෑ පුද්ගලයාගෙන් මාලිගාවත්ත පොලිසියද අද උදෑසන ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර ඊයේ කොළඹ - ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති 41 වන පාසල් මහා එක්දින ක්‍රිකට් තරඟය අතරතුරදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

පහරකෑ බව කියන පුද්ගලයා තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙක්.