Update : අභිනව අස්ගිරි මහනාහිමියන් පත් කිරීමේ දිනය අප්‍රේල් 7

Sunday, 20 March 2016 - 15:31

Update+%3A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+7
අභිනව නව මහනායක හිමියන් පත් කර ගැනීම අප්‍රේල් මස 7 වන දා සිදුකිරීමට අද රැස්වූ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව තීරණය කළා.

හිටපු මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ අභාවයෙන් පසු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව අස්ගිරි මහ විහාරයේදී අද රැස්වුණේ පළමු වරටයි.

ඒ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ගුණරතන නාහිමියන් සහ අනුනායක පූජ්‍ය උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී චාරිත්‍රානුකූලව අස්ගිරි මහනායක ගලගම අත්තදස්සී නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සංවේගය පළ කර උන්වහන්සේගේ සේවය ඇගයීම ද සිදුකෙරුණා.

Update : Sunday, March 20, 2016 19.27
--------------------------------------------------

අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක හිමියන් පත් කිරීම පිළිබඳව කාරක සංඝ සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අස්ගිරි මහ විහාරයේදී පැවැත්වීමට නියමිතයි.

අභිනව මහනායක හිමියන් පත් කළ යුතු දිනය පිළිබඳව අද රැස්වන සංඝ සභාවේදී තීරණය කරන බවයි වාර්තා වන්නේ.

අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහානාහිමියන් පසුගිය 9 වන දා රාත්‍රියේ අපවත් වුණා.

ඒ, හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්.