UPDATE: අධික උණූසුම නිසා ඇතුගල පුපුරයි

Monday, 21 March 2016 - 6:58

UPDATE%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%96%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - ඇතුගල පර්වතයේ කොටසක් පිපිරී ගොස් ඇති අතර ඊට හේතුවී ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ වයඹ පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය අසලින් ඇතාගලට පිවිසෙන පියගැටපෙල ආසන්නයේ කොටසයි.

ගල් පර්වතයේ ස්ථාන දෙකකම පිපිරීම් දක්නට ලැබෙන අතර, එම පිපිරීම් පර්වතයේ මීටර 50 කට වැඩි දුරකට පැතිර ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

පෙරේදා රාත්‍රී 10 ට පමණ ගල් බෝරයක් පුපුරා යන ආකාරයෙන් මහා ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත්, ගල් කැබලි බොහෝ දුරට විසිර ගොස් තිබූ බවත් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සඳහන් කළා.

මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නාය යාම් අංශයේ පිරිසක් එහි ගොස් තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ පර්වතයෙහි කොටසක අඩි දෙකක පමණ ගැඹුරට පිපිරුමක් සිදුව ඇති බවයි.

එමෙන්ම ගල් පතුරු කිහිපයක් ගැලවී ගොස් ඇති බව සදහන්.





කාදිනල් හිමිපාණන්ගෙන් රජයට ඉල්ලීමක්
Sunday, 07 June 2020 - 10:41

සීමිත පිරිසක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත... Read More

සීදූවේ STF වැටලීමකින් ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු මත්පැන් නිෂ්පාදන උපකරණ තොගයක් හමුවෙයි (ඡායාරූප)
Sunday, 07 June 2020 - 10:35

සීදූව කිඹුලාමුල්ල කලපු ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

පෙරහුරු මැතිවරණයට සියල්ල සූදානම්
Sunday, 07 June 2020 - 10:15

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More