UPDATE: පිපිරුණු ට්‍රාන්ස්ෆෝමර බලන්න ජර්මන් විශේඥයන් පිරිසක් දිවයිනට

Monday, 21 March 2016 - 7:02

UPDATE%3A+++%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%86%E0%B7%9D%E0%B6%B8%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරවල තත්ත්වය පරීක්ෂා කිරිම සඳහා ජර්මන් විශේෂඥයන් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.  

මේ වනවිටත් ඒ සඳහා ජපන් විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ වාර්තාව දින 2 ක් ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.

පසුගියදා බියගම උප පොලේ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුුරායාම හේතුවෙන් දිවයිනේම විදුලිය බිද වැටුණු අතර පසුව මිනුවන්ගොඩ - කොටුගොඩ ට්‍රාන්ස්ෆෝමරයක්ද පුපුරා යාමෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටියා.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ බියගම පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය සවිකර අවසන් අතර, කොටුගොඩ ට්‍රාන්ස්ෆෝමරය අලූත්වැඩියා කරමින් පවතින බවයි.

විදුලි ගැටළු පිළිබද විසදුම් සොයන ජනාධිපති කැබිනටි අනු කමිටුව අවසන් සමාලෝචනය සඳහා අද පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී රැස්වනවා.

මීට පෙර මෙම කමිටුව අවස්ථා තුනකදී රැස්වී සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.


මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More