බෝපත්තලාව රක්ෂිතයේ අක්කර 500ක් විනාශයි

Monday, 21 March 2016 - 8:02

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+500%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
හැටන් - ආගරපතන - බෝපත්තලාව රක්ෂිතයේ ඊයේ දහවල් කාලයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

ගින්නෙන් අක්කර 500 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.

ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාදෙන ලෙස ඉල්ලීම් කළද මීදුම හේතුවෙන් ඊට බාධා එල්ල වූ බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඩයගම, ආගරපතන, නුවරඑළිය පොලිස් ස්ථාන මෙන්ම යුද හමුදාවේද සහය ඇතිව අද අලූයම වනවිට ගින්න පාලනය කිරීමට හැකිවූ බවයි ඩයගම පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං සහිත තත්ත්වය ගින්න සීග්‍රයෙන් පැතිර යාමට හේතුවී ඇති බව සදහන්.

මෙය ගෝනුන්, මුවන් සහ දිවියන් ඇතුළු වන සතුන් ජීවත් වන අධි පාරිසරික සංවේදී රක්ෂිතයක්.

මේ අතර තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් දියඇල්ල ප්‍රදේශයේ රක්ෂිතයක ඊයේ ඇතිවූ ගින්නකින් අක්කර 5 ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.



මියගිය කළු කොටියා උප විශේෂයක් ද ? - පේරාදෙණියෙන් විශේෂ අධ්‍යයනයක්
Monday, 01 June 2020 - 7:20

නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව... Read More

උඩරට එළවළු සඳහා හොද මිලක් - වෙළදාම යථා තත්ත්වයට (වීඩියෝ)
Monday, 01 June 2020 - 7:19

පසුගිය කාලයේ දී රට තුළ  පැවති අයහපත් තත්ත්වයත් සමඟ උඩරට එළවළු... Read More

සුරක්ෂා, රැකගන්න - විපක්ෂයෙන් ඉල්ලීමක්
Monday, 01 June 2020 - 7:11

පසුගිය රජය සමයේ පාසල් දරුවන් ලක්ෂ 45කට හඳුන්වා දුන් සුරක්ෂා... Read More