UPDATE: හැටන් ගිනි නිවන්න ගුවන් හමුදාවත් එයි -(ඡායාරූප)

Monday, 21 March 2016 - 10:31

UPDATE%3A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බෝපත්තලාව කිරිගල්පොත්ත රක්‍ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට මේවන විට  ගුවන් හමුදා සහය ලබාගෙන තිබෙනවා.





Update : Monday, March 21, 2016 13.36
------------------------------------------

හැටන් - ආගරපතන - බෝපත්තලාව - කිරිගල්පොත්ත රක්ෂිතයේ ඊයේ දහවල් හටගත් ගින්න තවමත් පාලනය කරමින් සිටින බව පොලීසිය පවසනවා.

ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක සහයද ලබාගෙන ඇති බවද සඳහන්.

යුද හමුදා නිලධාරීන් 30 දෙනෙකු සහ ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටිනවා.

 ඊයේ දහවල් හටගත් ගින්නෙන් මේ වනවිට අක්කර 500 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තවමත් කිරිගල්පොත්ත රක්ෂිතය තුළ ඉලූක් පඳුරු සහිත ප්‍රදේශය හරහා ගින්න පැතිර යමින් පවතිනවා.

ප්‍රදේශයට පවතින සුළං තත්වයත් සමඟ ගින්න පැතිර යාමේ වේගය වැඩිවී  තිබෙනවා.

මේ අතර පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ තවත් ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම් වාර්තාවනවා.

තලවකැලේ - සෙන්ක්ලෙයාර් දියඇල්ල අසල රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නකින් අක්කර 25 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පොලීසිය සහ හැටන් - දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ මැදිහත්වීමෙන් අද අලූයම වනවිට මෙම ගින්න පාලනය කළ බවයි පොලීසිය සඳහන් කළේ.  

මෙම රක්ෂිතවල සතුන් දඩයමේ පැමිණෙන පුද්ගලයින් ගිනි තැබීම් සිදුකරන්නට  ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

එවැනි පුද්ගලයින් සොයා දැනටමත් පරීක්ෂන ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කලේ.

දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 1 ත් 5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉකුත් පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තාවූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

එය සෙල්සියස් අංශක 37.9 ක්.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 37.8 ක උෂ්ණත්වයක් වාර්තාවුණා.

දිවයිනට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය අප්‍රේල් මස අග දක්වා පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියේ.

 

 

 

 

 



ජායාරූප- (රන්ජිත් රාජපක්ෂ)



විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1782 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782ක් දක්වා... Read More