පාන් මිල රුපියල් 4කින් ඉහළ යයි

Monday, 21 March 2016 - 15:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමගාමීව පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 4 කින් ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද මෙලෙස ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කළේ.

ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7 යි 20 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම පසුගිය මාර්තු 12 වනදා පියවර ගත්තා.

එහෙත් මාර්තු 14 වනදා සිට 20 වනදා දක්වා පාරිභෝගික සතිය යෙදී තිබූ බැවින් පාන් මිල එම අවස්ථාවේදී ඉහළ නොදමන බව බේකරි හිමියන් ප්‍රකාශ කළා.

පාරිභෝගික සතිය ඊයේ දිනයෙන් අවසන් වූ අතර, ඉන් පසුවයි මෙලෙස පාන් මිල වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ.



පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More

හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3ක් නිරෝධායනයට
Saturday, 30 May 2020 - 19:44

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය අසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා... Read More