බසයෙන් ආ මාරයා කහ ඉරේදී දරුවෙකුගේ දිවි රැගෙන යයි

Tuesday, 22 March 2016 - 7:47

%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අවිස්සාවේල්ල - හෝමාගම - හයිලෙවල් මාර්ගයේ ගොඩගම සිට හෝමාගම දෙසට මීටර් 80ක් දුරින් ඇති පදික මාරුව මත දී පාසල් සිසුවෙකු සහ ඔහුගේ මව මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක ඊයේ ගැටී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා සහ මව හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වයස අවුරුදු 10ක් පමණ වූ ශිෂ්‍යයා ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගොඩගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ශ්‍රී ලංගම බස් රථයක ගැටුණු සිල් මාතාවක් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ගාල්ලේ සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ බස් රථයේ ගැටී මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වන අහංගම දස සිල් ආරාමයේ විසූ නෙක්කම්මා නමැති සිල් මැණියයි.

අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.


ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More

ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More

ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More