සම්බාධක ඉවත් කිරීම කඩිනමින්

Tuesday, 22 March 2016 - 8:04

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
දශක 5කට වැඩි කාලයක් කියුබාවට එරෙහිව ක්‍රියාත්මක වන ඇමරිකානු සම්බාධක ඉවත් කිරීම කඩිනම් අවශ්‍යතාවක් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියුබාවේ හවානා නුවර දී ඊයේ ප්‍රකාශ කළා.

කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ සම්බාධකවලින් ඇමරිකාව අපේක්ෂා කළ අරමුණු ඉටු වී නොමැති බවයි.

එය කියුබානු ජනතාවට ද ප්‍රතිඵලයක් අත්කර දී නොමැති බව ඔහු සදහන් කළා.

1959 වසරට පසු කියුබාවේ සංචාරයක නිරත වන ප්‍රථම ඇමරිකානු නායකයා වන ජනාධිපති බැරක් ඔබාමා කියුබාව සමඟ ආර්ථික සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සාමාන්‍ය සම්ප්‍රදායෙන් ඉවත් වී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ තම රට තුළ දේශපාලන සිරකරුවන් සිටින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළා.

ඔවුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ නම් පැය 24ක් තුළ නිදහස් කළ හැකි බවයි ජනාධිපති රාවුල් කස්ත්‍රෝ කියා සිටියේ.

ඇමරිකාව විසින් කියුබාවේ ගුවන්තනමෝ බොක්කේ පවත්වාගෙන යන නාවික කදවුර වසා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කළා.

දැනට මෙම කදවුර ඇමරිකාව පවත්වාගෙන යන්නේ ත්‍රස්තවාදී සැකකරුවන් රැදවීමටයි. 


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More