සිල් ගන්න ගිය එකම පවුලේ තිදෙනෙකු මඟමරුට බිලි

Tuesday, 22 March 2016 - 8:28

%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%9F%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92
සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයකට යමින් සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු එකම පවුලේ තුන්දෙනෙකු පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 35 කණුව ආසන්නයේදී අද අලුයම ලොරි රථයකට යටවී ජීවිතක්ෂයට පත්වුණා.

මෙහිදී මිය ගොස් ඇති අනෙක් දෙදෙනා වන්නේ මෙම පිරිමි ළමයාගේ 62 හැවිරිදි මිත්තණිය සහ 84 හැවිරිදි මුත්තම්මායි.

අද පෙරවරු 6.30ට පමණ ප්‍රදේශයේ විහාරස්ථානය වෙත ගමන් කරමින් සිටි මොවුන් පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයකින් යටකරගෙන ගොස් තිබෙනවා.

අනතුර සිදුකළ ලොරි රථයෙන්ම කුඩා දරුවා රැගෙන ගොස් පුත්තලම රෝහලට ඇතුළත් කළ සැකකරුවන් පලාගොස් ඇති අතර, එය කිඹුලාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ලොරියක් බවයි අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාවන් දෙදෙනාගේ සිරුරු නොච්චියාගම රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.  

මිය ගිය තිදෙනා සාලියවැය - රණවරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Update : Tuesday, March 22, 2016 12.48
-----------------------------------------

සිල් සමාදන්වීම සඳහා විහාරස්ථානයකට යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු අද අලූයම පුත්තලම - සාලියවැව ප්‍රදේශයේදී ලොරියකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරු 6.30ට පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී මෙම අනතුර සිදුවූ අතර, මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් පමණ වන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙක්.

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර මෙම අනතුරට සම්බන්ධ ලොරිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



ඉදිරි දින කිහිපයේදී නිරිතදිගට වැසි
Saturday, 06 June 2020 - 9:59

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ... Read More

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (වීඩියෝ)
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More