ළදරුවන්ට අනවශ්‍ය ආලේපන එපා

Tuesday, 22 March 2016 - 12:36

%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BD%E0%B7%9A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
පවතින වියළි කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට වෛරසයක් මගින් ඇති වන චර්ම රෝගයක් මතුවිය හැකි බව රුහුණු වෛද්‍ය පීඨයේ ළමාරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ළමයින්ගේ සම මතු පිට බිබිලි වර්ග මෙන්ම මුඛයෙහි කුඩා තුවාල ඇති විය හැකි බවයි.

එසේම තද උණ ඇති වීම ද රෝග ලක්ෂණයක් විය හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ.

කෙසේ නමුත්, පවතින උෂ්ණත්වය හේතුවෙන් ඇති වන ආසාදනවලට ක්‍රීම් වර්ග සහ ඇතැම් ආලේපන වර්ග භාවිතා කිරීම සුදුසු නොවන බව රුහුණු වෛද්‍ය පීඨයේ ළමාරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන වැඩිදුරටත් කියා සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ දින වල දහවල් කාලයේ හිරු එළියට නිරාවරණය වෙමින් වෙහෙසවීමෙන් වළකින ලෙසයි.

මේ දිනවල පවතින උෂ්ණත්වය පවතින අගයට වඩා සෙල්සියස් අංශක 2ත් 3ත් අතර ගණනකින් ඉහළ ගොස් ඇති බව ඊට හේතුව බවයි එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමලාල් කියා සිටියේ.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More