මුදල් කොල්ලයක් සොයන්න විදෙස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එයි

Tuesday, 22 March 2016 - 12:58

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ නිව්යෝක් නුවර මධ්‍යම සංචිත බැංකුවේ තැන්පත් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් හැකර්වරුන් හෙවත් අන්තර්ජාල ගිණුම්වලට අනවසරයෙන් පිවිසෙන පුද්ගලයන් විසින් ඉවත් කර ගැනීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණ ශ්‍රී ලංකාව වෙත ද පුළුල් කර තිබෙනවා.

චීන ජාතිකයන් මෙම අන්තර්ජාල මුදල් කොල්ලය සිදුකර ඇති බව විශ්වාස කෙරෙන අතර, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමට තැත් කර ඇති මුදල ඩොලර් මිලියන 20කට ආසන්නයි.

එම පරීක්ෂණ කටයුතු සඳහා ඇමරිකානු එෆ්.බී.අයි පරීක්ෂකයන් ද එක්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

විදේශ ප්‍රවෘත්ති සේවා සදහන් කළේ ඒ පිළිබද පරීක්ෂණ කටයුතු සඳහා බංග්ලාදේශ පරීක්ෂකයන් කණ්ඩායමක් පිලිපීනය, ශ්‍රී ලංකාව මෙන්ම නිව්යෝක් මධ්‍යම සංචිත බැංකුව වෙත යාමට සූදානම් බවයි.

මෙම සිද්ධිය හේතුවෙන් බංග්ලාදේශ මහබැංකුවේ අධිපතිවරයා මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුට ද තනතුරු අහිමි වුණා.

බංග්ලාදේශ රජය ඇමරිකානු මධ්‍යම සංචිත බැංකුවේ සුරැකුම් ලෙස තබා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 27කට ආසන්නයි.

මේ අතර, ඇමරිකානු මධ්‍යම සංචිත බැංකුවේ බංග්ලාදේශ රජය සතු මුදල් අන්තර්ජාලය හරහා කොල්ලකෑමේ සිද්ධියට අදාළ මෙරට රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ශාලිකා පදනම නම් වූ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ගිණුමකට පසුගිය පෙබරවාරි 4 වනදා ස්විෆ්ට් පණිවුඩයක් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 2 කට ආසන්න මුදලක් ලැබී ඇති අතර, එය එවා ඇත්තේ බංග්ලාදේශයේ ග්‍රාමීය විදුලි ව්‍යාපෘතියක ලිපිනයෙන්.

කෙසේ නමුත්, එම මුදල ලැබුණු ශ්‍රී ලාංකික පෞද්ගලික බැංකුව බංග්ලාදේශ මහබැංකුවෙන් විමසීමක් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම මුදල නීතිවිරෝධී ලෙස ලබාගෙන මෙලෙස ශ්‍රී ලාංකික ගිණුමකට එවා ඇති බවයි.

ඒ අනුව, එම මුදල නැවතත් බංග්ලාදේශ මහබැංකුවට යොමුකිරීමට කටයුතු කළ බව ශ්‍රී ලාංකික පෞද්ගලික බැංකුව දැනුම්දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී තිබුණා.


විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් පිරිසක් අද ගුවනින් දිවයිනට
Saturday, 06 June 2020 - 7:38

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී... Read More

කෝටියක හෙරොයින් සමඟ දෙමටගොඩදී පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 7:33

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම්... Read More

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More