බ්‍රසල්ස් නුවර ආසන්නයේ උමං දුම්රිය ස්ථානයකත් පිපිරීමක්

Tuesday, 22 March 2016 - 14:36

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B8%E0%B6%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මීට ටික වේලාවකට පෙර බ්‍රසල්ස් අගනුවරට ආසන්නයේ පිහිටි උමං දුම්රිය ස්ථානයකද පිපිරීමක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම පිපිරීම් සිදුවන්නේ පුද්ගලයින් 130 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා සිදුවු පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන දින 04 ක් ගතව තිබියදීයි.

පිපිරීමෙන් අනතුරුව  එරට දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුවුණා.

මේ අතර බෙල්ජියමේ - බ්‍රසල්ස් අගනුවර - රොක් සැවැන්ටම් ගුවන්තොටුපලේ අද සිදුවු පිපිරීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.  

ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ පිපිරීම් සිදුව ඇති බව සඳහන්.

ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇති අතර, පිපිරීමෙන් පසු කලබලයට පත් ගුවන් මගීන් දිව යන අයුරු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව වාර්තා කළා.

මේ වනවිට ගුවන් තොටුපලේ ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙම පිපිරීම සිදුවුණේ පුද්ගලයින් 130 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා සිදුවු පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන දින 04 ක් ගතව තිබියදීයි.

කෙසේ නමුත්, අද (22) සිදුවු පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.







ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More