පැරණි දුම්රිය පාලම් රැසක් වෙනස් වෙයි

Wednesday, 23 March 2016 - 9:14

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට ඉදිකර ඇති ඇතැම් දුම්රිය පාලම් වසර 100 කට වඩා පැරණි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුව නිසා දුම්රිය පාලම් හතක් අලුතෙන් ඉදිකරන බවයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ.

දැනට ඉදිකර ඇති පාලම්වලට දරාගත හැකි උපරිම බර  ටොන් 16.5 ක්.

එහෙත් නව දුම්රිය එන්ජින්වල ධාරිතාව අනුව අවම වශයෙන් ටොන් විස්සක බරක් දැරිය හැකි පාලම් අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

මේ හේතුව නිසා කඩිනමින් නව දුම්රිය පාලම් ඉදිකරන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැල්ලවත්ත දුම්රිය පාලමේ ඉදිකිරිම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් සඳහන් කළේ.


සුන්දර මීමුරේ දුෂ්කර ජීවිත (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:58

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මීමුරේ ගම්මානය... Read More

වාසුගෙන් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට චෝදනාවක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:54

අපරාධකරුවන් දේශපාලනඥයන් වූ පමණින් අපරාධ වලින් වසන් වීමට... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 27 May 2020 - 13:46

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය... Read More