UPDATE: විදුලි බිද වැටීම ගැන කමිටු වාර්තාව ජනපතිට භාරදීම කල් යයි

Wednesday, 23 March 2016 - 10:03

UPDATE%3A+++%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගියදා සිදුවූ විදුලි බිද වැටීම් ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටලූ පිලිබදව සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීම කල් දමා තිබෙනවා.

මීට පෙර විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ අද (23) දිනයේ මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙන බවයි.

කැබිනට් අනුකමිටුව සිය අවසන් නිරීක්ෂණ මේ වනතුරුත් සකස් කර නොතිබීම අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීම කල් දැමීමට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කැබිනට් අනුකමිටුව අද රාත්‍රීයේ රැස්වී මේ පිළිබද අවසන් එකගතාවයකට පැමිණෙන බවයි.

මේ අතර විදේශීය විශේෂඥයින්ගේ නිගමනයන්ට අනුව ජාතික විදුලි සැපයුමේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණයන් ඊයේ සිට ආරම්භ කළ බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

විශේෂයෙන් ට්‍රාන්ස්ෆෝමර පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ජාතික විදුලි සැපයුමේ අවදානම්කාරී තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වූයේ පසුගියදා බියගම ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමත් සමඟ අඛණ්ඩ විදුලි සැපයුමට සිදුවු බාධාවයි.

ඉන් අනතුරුව කොටුගොඩ ප්‍රදේශයේ තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා ගියා.

ට්‍රාන්ස්ෆෝමරවල සිදුවු මෙම පිපිරීම් සහ ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ පවතින දෝෂයන් පිළිබඳ සොයා බැලීමට ජපන් සහ ජර්මානු විශේෂඥයන් පිරිසකට රජය විසින් ආරාධනා කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි.

---------------------------------------------------------------------

විදුලි ගැටලූ විසඳීම සදහා පත් කෙරුණු කැබිනට් අනුකමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද භාරදීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවසන් සමාලෝචනය පෙරේදා සිදුකෙරුණු අතර ඒ අනුව අද දිනයේ කඩිනම් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි මෙම කමිටුවේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කළේ.

විදුලිබල ක්ෂේත්‍රයේ තාක්ෂණික වෙනස්කම් කළමනාකරණය හදිසි ආපදාවන් සදහා මුහුණදීම ඇතුලූ ආසන්නයේ සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ද මෙහි කරුණු ඇතුළත්.

ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් අනුකමිටුව පත් කෙරුණු අතර අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත පාඨලී චම්පික රණවක චන්දිම වීරක්කොඩි සාගල රත්නායක ද ඊට ඇතුළත්.

 එමෙන්ම, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ ඉරාන් වික්‍රමරත්න මෙම අනුකමිටුවේ අනෙකුත් සාමාජිකයින් වනවා.


මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More