පරීක්ෂණය නිර්නායකයන්ට අනුවයි

Wednesday, 23 March 2016 - 13:13

%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අවසන් යුද සමයේ මෙරට තුළ සිදුවූයැයි පැවසෙන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ජගත් මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්නායක වලට අනුව සිදුවනු ඇති බවට විශ්වාස කරන බව ජගත් සංවිධානය පවසනවා.

ජගත් මහලේකම් බෑන්කී මූන්ගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය වෙතින් සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බවයි.

මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා මෙම පරීක්ෂණයෙන් බලපෑමක් සිදුවනු ඇති බව ද ඔහු එහිදී සදහන් කළා.

මේ අතර, ජාතික සංහිදියාව පිළිබද කාර්ය සාධන බලකාය ඉදිරි මාසයේ සිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරන බව එහි සභාපතිනි මනෝරි මුත්තෙටුවේගම පවසනවා.

හින්දු පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඇය සදහන් කර ඇත්තේ මුළු දිවයිනම ආවරණය වන පරිදි සෑම ජන කොටසක්ම නියෝජනය වන ලෙස එම සාකච්ඡා පැවැත්වෙන බවයි.

 



නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More

ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More