බෙල්ජියම කැළඹු ප්‍රහාරකයා කොටුවෙයි

Wednesday, 23 March 2016 - 16:00

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ජියම් බලධාරීන් මෙම තොරතුරු තහවුරු කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

බ්‍රසල්ස් නුවරට ඊයේ එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නවතම තොරතුරු කිහිපයක් ද මේවන විට අනාවරණ වී තිබෙනවා.

ඒ මෙම ප්‍රහාරයට සම්බන්ධවුවන් අතර සොහොයුරන් දෙදෙනෙකු ද වන බවයි.

ඔවුන් දෙදෙනාගේ නම් ද බෙල්ජියම් බලධාරීන් විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

ඉන් එක් අයෙකු ගුවන්තොටුපලේ සිදුවු මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇති අතර අනෙක් පුද්ගලයා දුම්රිය ස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර ඇතැයි අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මේවන විට බෙල්ජියමේ දින 3 ක ශෝක කාලයක් ද ක්‍රියාත්මකයි.

අයි එස් සංවිධානය බ්‍රසල්ස් නුවරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර තවත් මෙවැනි ප්‍රහාර සිදුකරන බවට ද ඔවුන් අනතුරු අගවා තිබෙනවා.



ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More