මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දැමීමේ යෝජනාව අත්හිටුවයි

Thursday, 24 March 2016 - 7:02

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දැමීමට ගෘහ කාරක සභාව ගත් තීරණය වහාම අත්හිටුවා තිබෙනවා.

ඒ පිළිබඳව කථානායකවරයා ඉදිරියේදී රජයට දැනුම්දීමට නියමිතයි.

ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡ කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ.

මහජන අදහස් සැළකිල්ලට ගනිමින් අදාළ යෝජනා යළි සළකා බැලීම සුදුසු බව කථානායකවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ ලෙස පක්ෂ නායකයන්ගේ අදහස් විමසීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී නොමැති මන්ත්‍රීවරුන් 7 දෙනා වෙනුවෙන් යම් සාධාරණත්වයක් ඉටු කිරීමට සියලූ දෙනා එකඟත්වය පළ කර තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට රුපියල් 50 000 ක නිවාස දීමනාවක් මෙන්ම රුපියල් 75 000 ක කාර්යාල දීමනාවක් ලබාදීම ඇතුලූ යෝජනා කිහිපයක් පසුගියදා ගෘහකාරක සභාව ඉදිරිපත් කර තිබුනා.



මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 6:25

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More