බිරිඳට කතුරකින් ඇන්න සැමියා අත්අඩංගුවට

Thursday, 24 March 2016 - 8:00

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බලපිටිය අධිකරණය ඉදිරිපිටදී සිය බිරිඳට කතුරකින් ඇණ බරපතල තුවාල සිදුකළ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ ඊයේ දහවල් නඩුවක් සඳහා පෙනී සිට පිටතට පැමිණි මෙම කාන්තාවගේ මුහුණට මෙම පුද්ගලයා විසින් කතුරෙන් ඇණ ඇති බවයි. එම ප්‍රහාරයෙන් කාන්තාවගේ ඇස ආසන්නයට තුවාල සිදුව තිබෙනවා.  

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මොවුන් කොස්ගොඩ - නාපේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. දැනට සති දෙකක පමණ කාලයක සිට සැකකරු සිය බිරිඳට පහරදීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසියට පැමිණිලි රැසක් ලැබී ඇති අතර, මේ නිසා ගෘහස්ථ ප්‍රචන්ඩත්වය මත පොලීසිය මොහුට විරුද්ධව බලපිටිය අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඊයේ සැකකරු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මෙම නඩුවට පෙනී සිටීම සඳහා උසාවියට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.

පසුව නඩු කටයුතු අවසන් වී අධිකරණය ඉදිරිපිටට පැමිණි බිරිඳට ත්‍රිරෝද රථයකින් නිවසට යෑමට මොහු කථාකර තිබෙනවා.

පසුව ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් සැකකරු අසල වෙළඳසැලක තිබූ කතුරක් රැගෙන බිරිඳට පහරදී ඇති බව සඳහන්.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැටුප් ගෙවීම සඳහා දේශීය බැංකුවකින් කෙටි කාලීන ණයක්
Thursday, 02 July 2020 - 16:25

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා දේශීය බැංකුවකින්... Read More