පතලක් කඩා වැටී 19 ක් මරුට

Thursday, 24 March 2016 - 14:37

%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+19+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ ෂැන්සි ප්‍රදේශයේ ගල් අගුරු පතලක සිදුවු අනතුරකින් කම්කරුවන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රි මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

පතලේ මෙම අනතුර සිදුවන විට එහි කම්කරුවන් 129 දෙනෙකු පමණ සේවයේ නිරත වී තිබෙනවා.

ඉන් 110 දෙනෙකු දිවි බේරාගෙන ඇතැයි සඳහන්. අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ගින්නක් හෝ ගෑස් කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

ලොව පතල් අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන රට ලෙසට සැලකෙන්නේ චීනයයි.

අනතුරු වැලැක්වීම වෙනුවෙන් ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන් පියවර ගත්ත ද මෙතෙක් එය සාර්ථක වී නැහැ.

පතල් හිමිකරුවන් වංචනික බලපත්‍ර ලබා ගනිමින් නීති විරෝධීව පතල් පවත්වාගෙන යාම ද ඊට එක් හේතුවක් වී තිබෙනවා.

මීට සති දෙකකට පමණ පෙර ද චීනයේ ගල් අගුරු පතලක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More