උඩුවේ හිමියන් කල ප්‍රකාශ ගැන විමර්ශනයක් කරන්නැයි පොලිස්පතිට නියෝග

Thursday, 24 March 2016 - 18:52

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කළ බවට ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් හා ආගමික සංවිධාන එකමුතුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අද (24) පැමිණිල්ලක් ගොනු කළා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළේ දේශපාලන වාසි සදහා මෙම ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ දැයි සැක මතුවන බවයි.

මේ අතර, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් කටඋත්තරයක් ලබාගෙන පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි එහිදී අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍ය සාගල රත්නායක මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද කරුණු සොයා බලන ලෙස අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කරමින් පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පෙන්වා දෙන්නේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සැක මතුවන කරුණු කිහිපයක් ඇති බවයි.

වෛද්‍ය පරීක්ෂණ වාර්තා අස්ථාන ගත වීම, උන්වහන්සේ සාර්ථක ලෙස හෘද ශල්‍යකර්මයකට භාජනය කර සුවපත් වී රෝහලින් පිටත්ව යාම ඇතුළු කරුණු 07 ක් එම ලිපියෙහි සඳහන් වනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවංක සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සදහා මෙම සැක කටයුතු කරුණු විමර්ශනය කරන ලෙසයි උන්වහන්සේ එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.



කම්කරු කොංග්‍රසයේ නායකයා, මහ මැතිවරණයෙන් පසු
Saturday, 06 June 2020 - 7:53

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ... Read More

විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් පිරිසක් අද ගුවනින් දිවයිනට
Saturday, 06 June 2020 - 7:38

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී... Read More

කෝටියක හෙරොයින් සමඟ දෙමටගොඩදී පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 7:33

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම්... Read More