බෙදී ඇණ කොටාගැනීම නවතමු

Friday, 25 March 2016 - 7:41

%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8%E0%B7%94
ලොව පුරා ක්‍රිස්තියානි ජනතාව සමරනු ලබන සුවිශේෂතම ආගමික උත්සවයක් වන පාස්කු උත්සවය මගින් සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ ප්‍රේමය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ක්‍රිස්තුස් වහන්සේ ලොවට ගෙන ආ විමුක්තිදායක පණිවුඩය යළි සිහිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පුරා දින 40 ක් ක්‍රිස්තුස් වහන්සේ දුක්විඳීම, පසුතැවිලි සිතින් සහ ආගමික පිළිවෙත් මගින් සමරන ක්‍රිස්තියානි ජනතාව මහසිකුරාදා දින උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසා මරණයට පත් කිරීම ද, පාස්කු ඉරිදා දින නැවත මරණයෙන් උත්ථානවීම ද ස්මරණය කරනු ලබනවා.

දුගියන්ට, රෝගීන්ට, පව්කාරයන්ට මෙන්ම අසරණ වූවන් ඇතුළු සැමට එක සේ ප්‍රේම කලාවූ ක්‍රිස්තුස් වහන්සේ සමස්ත ජීවිතයෙන් පෙන්නුම් කළේ මානව ප්‍රේමය, සමානාත්මතාව, සංහිඳියාව තරම් උත්තරීතර අන් යමක් මෙලොව නොමැති බවයි.

මේ හේතුවෙන් ජාති, ආගම්, කුල, පක්ෂ, පන්ති ලෙසින් පිල් බෙදී ඇණ කොටා ගැනීම වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ පෙන්වාදුන් විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත් වන්නට අදිටන් කර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා සියල්ලන්ගෙන් ඉල්ලීමක් කළා.


ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More