බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බාලවයස්කාරියන් 7ක් හමුවෙයි

Friday, 25 March 2016 - 11:55

%E0%B6%B6%E0%B6%BD%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රඳවා ගෙන සිටි බලහත්කාරයෙන් තරුණියන් 7 දෙනෙකු බේරා ගැනීමට හැකිවු බව විදේශ නියුක්ති කාර්යාංශය පවසනවා.

පොලිසිය  සමග ඒකාබද්ධව  ඊයේ (23) කල  වැටලිමේදී විදෙස් රැකියා වලට පිටරට යැවීම සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තරුණියන්  පිරිසකුයි මෙලෙස මුදා ගෙන ඇත්තේ.

විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් මරදාන ප්‍රදේශයේ තාවකාලික ලැගුම් පොලක රඳවා සිටි තරුණියන් බේරා ගැනීමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්  වී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශප්‍රිය බී බී සී  සංදේශයට කියා සිටියේ අඩු වයසේ පසු වන තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගෙන කූට ලේඛන සකසා සෞදි අරාබියේ සේවයට යැවීමේ ජාවාරමක් ඉතා පුළුල් ලෙස ලංකාවේ සිදු වෙමින් පවතින බවයි.