Update : උඩුවේ හිමි සී.අයි.ඩී.යට එයි

Saturday, 26 March 2016 - 8:33

Update+%3A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වීම පිලිබඳ සැක පළ කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ එම හිමියන්ගේ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටින බවයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගියදා ප්‍රකාශ කළා.

උන්වහන්සේ සඳහන් කළේ විධිමත් ආකාරයෙන් තමා සතුව පවතින තොරතුරු ලබාදීමට සූදානම් බවයි.

මේ අතර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පසුගියදා පොලිසියට නියෝග කළේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන කරුණු පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් හා ආගමික සංවිධාන එකමුතුව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.




Update : Saturday, March 26, 2016 12.56
---------------------------------------------

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම පිළිබඳ සැක පළ කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සිදුකළ ප්‍රකාශය පිළිබදව කරුණු විමසීමකට එම හිමියන් අද රහස් පොලීසිය වෙත කැදවා තිබෙනවා.

ඒ බව රහස් පොලීසියේ ඉහළ පෙළේ නිලධාරියෙකු සනාථ කළා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයා වෙත පසුගිය දා නියෝග කළා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් කටඋත්තරයක් ලබාගෙන පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි එහිදී අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍ය සාගල රත්නායක මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද කරුණු සොයා බලන ලෙස අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබුවා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන කරුණු පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් හා ආගමික සංවිධාන එකමුතුව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More