සැබෑ අදහස් විමසීම අවශ්‍යයි

Saturday, 26 March 2016 - 8:46

%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට යුද්ධයෙන් පීඩාවට පත්වූ පුද්ගලයන් සහ කණ්ඩායම් සමඟ සැබෑ අදහස් විමසීමක් සිදුකිරීම සඳහා ජගත් සංවිධානයේ පූර්ණ සහාය හිමි වන බව මහලේකම් බෑන් කී මූන් පවසනවා.

සත්‍ය සඳහා වූ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුමට ජගත් සංවිධාන මූලස්ථානයේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මහලේකම්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ මානව හිමිකම් උල්ලංගණයවීම් යළි සිදුවීම වැළැක්වීම සඳහා ශක්තිය, යුක්තිය සහ පීඩාවට ලක්වූවන්ට සාධාරණය ඉටු කළ යුතු බවයි.

තමන් යම් පීඩාවකට ලක්වී ඇත්නම්, එහිදී මානව හිමිකම් උල්ලංගණයවීම් බලපා ඇති ආකාරය දැන ගැනීමට ලොව සියල්ලන්ටම අයිතියක් පවතින බවයි ජගත් මහලේකම්වරයා මෙහිදී සදහන් කළේ.

සත්‍යය දැන ගැනීම සියලූ ජනතාවට මෙන්ම ජන ප්‍රජාවන්ට වැදගත් වන්නේ මානව හිමිකම් උල්ලංගණය කිරීම් යළිත් සිදුවීම වැළැක්වීමටයි.

සත්‍ය සඳහා පවතින අයිතිය, යුක්තිය සඳහා පවතින අයිතියට සමීපව සම්බන්ධ වන බව ද ජගත් මහලේකම්වරයා මෙහිදී සදහන් කළා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් නම් කරමින් ජගත් මහලේකම් බෑන් කී මූන් මෙහිදී කියා සිටියේ මානව හිමිකම් උල්ලංගණ කිරීම් වැළැක්වීම සඳහා වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනයට ක්‍රියාත්මක වන සත්‍යය සෙවීමේ යාන්ත්‍රණ මෙන්ම පරීක්ෂණ ක්‍රියාවලීන්ට ජගත් සංවිධානයේ සහාය හිමි වන බවයි.


නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 11:29

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ... Read More

කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය
Thursday, 28 May 2020 - 11:10

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට... Read More